(හැටන් රංජිත් රාජපක්ෂ)
හැටන් වන අඩවි කර්යාලය යටතේ පාලනය වන හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද (02) පස්වරු 2 ට පමණ ගින්නක් හට ගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ සිංගිමලේ දුමරිය උමං මාර්ගයේ පිහිටි රක්ෂිතයේ හට ගත් ගින්න කඳු බෑවුමේ සිට කඳු මුදුණ දක්වා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීම සදහා වන අඩවි කාර්යාලයේ නිලධාරීන් යුධ හමුදාවේ සහය ඉල්ලා ඇත.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව වන අඩවි කායාලයේ නිලධාරීහු සැක කරති.
හැටන් නගරයට පානීය ජාතික ජල සම්පාදන මණ්ඩය මගින් පානිය ජලය ලබා ගන්නා ජලාශයක්ද මෙම රක්ෂිතය බැවුමේ පිහිටා තිබේ.
මෙම රක්ෂිතය තුළ වන අඩවි කාර්යාලය මගින් වන වගාවක්ද සිදු කර ඇති අතර මෙහි විශේෂ පක්ෂි සහ සිව්පා විශේෂ රැසක් වාසය කරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සිංගිමලේ රක්ෂිතයේ ගින්නක්