(රංජිත් රාජපක්ෂ)
හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ (10) පස්වරුවේ හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කළ බව හැටන් වන අඩවි කාර්යාලයේ බීට්ටු වන නිලධාරි අජිත් කරුණාරත්න මහතා පැවසීය.
හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ඉහළින් ඊයේ පස්වරු 6.00 ට පමණ හටගත් ගින්න දැඩි වියළි කාලගුණයත් සමග සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුණ දක්වා පැතිර ගිය බව අජිත් කරුණාරත්න මහතා කියාසිටියේය.
පැතිර ගිය ගින්න තම කාර්යයාලයේ නිලධාරින්, හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කළ බවත්, ගින්නෙන් රක්ෂිතයේ අක්කර 3 පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවත් හැටන් වන අඩවි කාර්යයාලය පවසයි.
කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, මීට ප්‍රථම අවස්ථා තුනකදි සිංගිමලේ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගැනිමට සිදු වු බවත් හැටන් වන අඩවි කාර්යාලය පවසයි.
සිංගිමලේ රක්ෂියට මෙසේ ගිනි තැබීම නිසා කඳු මුදණේ සිට ගලා බසින ජල මුලාශ්‍ර සිඳීයාම ආරම්භ වී ඇති බවද, මේ හේතුවෙන් සිංගිමලේ ජලාශයේ ජල ධාරිතාව පහත වැටී ඇතැයිද, හැටන් ප්‍රදේශයට ජලය සීමා කර බෙදා හැරීමට ජල සම්පාදන මණ්ඩලය මේ වන විට කටයුතු කර ඇතැයිද ඔවුහු පවසති.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිංගිමලේ රක්ෂිතයේ ගින්න පාලනය කරයි