IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සා.පෙළ විභාගයට යන්න විශේෂ බස් සේවාවක්

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්‍ය මණ්ඩල වල පහසුව සදහා හෙට (01) සිට විශේෂ බස් රථ සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා පැවසීය.

විභාග කාල සටහන අනුව විශේෂ බස් රථ යෙදවීමක් සිදු කරන බවත් එම සේවාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක බවත්  සභාපතිවරයා සඳහන් කළේය.

සිසුන්ට සහ විභාග කාර්‍ය මණ්ඩලය සදහා සේවා පහසුකම් සපයන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර ඇති ඉල්ලීමක් මත මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බවත් ඔහු කියා සිටියේය.

මෙයට අමතරව විභාග සිසුන් සඳහා ප්‍රවාහන ගැටලු ඇති ප්‍රදේශවලට තවත් අතිරේක බස් රථ යොදවන ලෙසට සියලුම ඩිපෝ කළමනාකරුවන්  දැනුවත් කර ඇති බවද රණවක මහතා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (0)

සා.පෙළ විභාගයට යන්න විශේෂ බස් සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site