IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ශ්‍රි ලංගම දකුණු පළාතේ හෙට සිට ධාවනයේ

 ( ජේ.කේ.එල්. චාමින්ද)

ඇදිරිනිතිය හෙට දින (20) දින ඉවත් කිරිමෙන් පසු  රජය මගින්  ලබා දි ඇති උපදෙස් අනුව  නියමිත කාලසටහනකට අනුව  ශ්‍රි ලංගම බස්රථ  දකුණු පළාත තුළ ධාවනය කිරිමට  කටයුතු කරන බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ  රුහුණු  ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු  ආර්.ඒ ප්‍රභාත් කුමාර  මහතා පවසයි.
 
 රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11 තුළම හෙට දින ශ්‍රි ලංගම බස් රථ නියමිත කාලසටහනට  අනුව සේවා අවශ්‍යතා හා සේවකයින්ගේ පැමිණිම මත ධාවනය කිරිමට කටයුතු කරණ බවද  ප්‍රධාන  කළමණාකාරවරයා සදහන් කළේය.
 
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දුරස්ථභාවය පවත්වාගෙන යමින් මගින් බස් රථවලට නංවා ගැනිමට කටයුතු කිරිමට බස්රථ රියදුරන්ට හා කොන්දොස්තර්වරුන්ට උපදෙස් ලබාදි ඇති බව පවසන රුහුණු  ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා බස් රථයක ඇති ආසන සංඛ්‍යාවෙන්  සියයට 50කට පමණ  මගින් නංවා ගැනිමට  කටයුතු කරණ බවද පවසයි.
 
 මේ පිළිබද අදහස් දක්වමින් රුහුණු  ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු  ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා මෙසේද කිවේය.
දැනට  රුහුණු ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 11ක් ලංගම බස්රථ ධාවනය කරන්නේ දකුණු පළාත තුල පමණයි.
 
අන්තර් පළාත් ධාවන කටයුතු කරන්න තවම උපදෙස් ලබාදිලා නැහැ. රජයෙන් දැනුම් දුනහොත් අන්තර් පළාත් ධාවන කටයුතු කරන්න අපි සුදානමින් ඉන්නවා.
 
 බස් රථ ධාවනය කිරිමට පෙර ඩිපෝව තුලදි විෂබිර හරණයට ලක්කරනවා. බස් රථ රියදුරන්ට හා කොන්දොස්තර්වරුන්ට  මුඛ ආවරණ ලබාදිමට කටයුතු කරනවා. අද දින ඩිපෝ කළමණාකාරවරුන් සමග සාකච්ඡාවක් තියෙනවා යැයිද ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා සදහන් කළේය.



අදහස් (0)

ශ්‍රි ලංගම දකුණු පළාතේ හෙට සිට ධාවනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site