(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලඅද (20) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මත පැති බැම්මක් කඩා වැටිමෙන් එම නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
අද (20) දින පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇති බවයි පොලිසිය පැවසුවේ.
පැති බැම්ම කඩා වැටුණු නිවසට ඉහලින් පිහිටි නිවසේ ඉදි කර තිබු ආරක්ෂත පැති බැම්ම මෙසේ කඩා වැටි ඇති අතර , අනතුරෙන් කිසිවෙකුටක් තුවාල සිදු වි නොමැත.
පැති බැම්ම කඩා වැටුණු අවස්තාවේ නිවසේ කිසිවෙක් නොසිටි බවත්, පැති බැම්ම කඩා වැටිමෙන් විසිත්ත කාමරයේ තිබු ගෘහස්ථ භාණ්ඩවල දැඩි අලාභ හානි සිදු වි ඇත.
අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.