IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විස්සට එරෙහිව මහා සංඝරත්නයේ නැගී සිටීම ගැන සජිත් සිය ස්ථාවරය පහදයි

 

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව ස්වකීය බලලෝබී උවමනාව සහ ඒකාධිපති අවස්‍ථාවාදය මුල්කරගෙන, ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයෙන් ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක් ගම්‍ය වූ බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ බවත් ඒකාධිපති විසිවෙනි සංශෝධනය පරාජයට පත්කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට  ධෛර්යය හා අධිෂ්ඨානය ඒ තුලින් ලද බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය තවදුරටත් මෙසේද දැක්වේ.

"ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජනබලවේගයේ සුවිශේෂී අවධානය යොමුවූ බව අවධාරණය කරමු.

ආණ්ඩුව විසින් ස්වකීය බලලෝබී උවමනාව සහ ඒකාධිපති අවස්‍ථාවාදය මුල්කරගෙන, ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය පරාජය කිරීම උදෙසා සක්‍රීය කඳවුරක් බවට  පත් කිරීමට විපක්ෂය කටයුතු කළෙමු.

ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක්  ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුලින් ගම්‍ය වේ.

එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි අපගේ දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ අතර ඒකාධිපති විසිවෙනි සංශෝධනය පරාජයට පත්කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට  ධෛර්යය හා අධිෂ්ඨානය අප ඒ තුලින් ලද බවත්,මේ උතුම් දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අපගේ ගමන තව තවත් ශක්තිමත් කරන බවත් අවධාරණය කරමු.



අදහස් (0)

විස්සට එරෙහිව මහා සංඝරත්නයේ නැගී සිටීම ගැන සජිත් සිය ස්ථාවරය පහදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site