රංජන් කස්තුරි
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මේ මස 21 සහ 22 යන දිනවල පැවැත්වෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ වනවිට ආරම්භ වී ඇති වර්ෂා තත්ත්වය නිසා ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් මෙම කේෂ්ත්‍ර වැඩසටහන ක්‍රියාත්මක කරන බවද එම ඒකකය පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර , පුත්තලම සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 44 ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරරෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Samathasena A . Aluthgamage. Tuesday, 19 March 2019 02:55 PM
ඩෙංගු රෝගීන් වාර්තාවෙන කාලයට පමණක් මර්ධන වැඩසටහන් යනුවෙන් පුවත් මවනවා හැරෙන්නට වෙනත් මර්දනයක් හරි හැටි කෙරෙනවා අපට නම් පේන්නේ නැහැ. කෘමිනාශක භාවිතය නිසා දිය පාරවල් වල සහ ජලාශවල සිටි තිත්තයන් දන්ඩින් වැනි කුඩා මත්සයන් අද දකින්නට නැහැ. ඒ සතුන් වඳවීම නිසා මදුරු කීටයන් ආහාරයට ගැනීමක් අද සිදුවෙන්නේ නැහැ. බත් කූරන් මදුරුවන් හා කීටයන් සෑහෙන ප්‍රමාණයක් ගිල දැමුවත්, කෘමිනාශක භාවිතය නිසා එම සතුන්ද වඳ වීමේ තර්ජනයකට ලක්වී ඇත. පරිසරයට ආදරය නොකරන අපේම මිනිසුන් තැන තැන දමන පොලිතීන්,යෝගට් කෝප්ප ආදී දේ නිසා මදුරුවන් බෝවීම වැඩිවී තිබේ.ඒ කෙසේ වෙතත්,සවුඛ්‍ය අංශ හරිහැටි පර්යේෂණ නොකොට නින්දේ පසුවීම නිසා ඩෙංගුවා බලවත් වෙයි.බොරු බයිලා ගසා රටේ ධනය අනිසි දේට වනසන ඇතැම් දේශපාලක තුමන්ලා ඩෙංගුවා මර්ධනයට හා පර්යේෂණ වලට වැඩිපුර මුදල් ලබා දෙන්නේ නම්,තත්වය මෙතරම් නරක තත්වයකට පත් නොවනු ඇත.