IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වව්නියාව-යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරෝධායන මධ්‍යස්ථාන කරයි

(රොමේෂ් මධුෂංඛ)                

වව්නියාව සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් අද (12) සිට වසා දමා තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පිහිටුවීමට යුද හමුදාව විසින් පියවර ගනු ලැබීය.

පවතින කොවිඩ් 19 වයිරසයේ බලපෑම හා අවදානම හේතුවෙන් අධ්‍යාපන විද්‍යා පීඨයන්හි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඊයේ සවස සිට එම විද්‍යා පීඨයන්හි අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් ඔවුන්ගේ නිවෙස් වෙතට රැගෙන යාම කෙරිණි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය පාලනය අධීක්ෂණය කරනු ලබන අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අධ්‍යාපන විද්‍යාපීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්ෂණය කරනු ලබයි.

මේ අතර වව්නියාව විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට අද දිනයේදී නිරෝධායනය වන පිරිස් 350 කට අධික පිරිසක් රැගෙනවිත් නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.



අදහස් (0)

වව්නියාව-යාපනය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් නිරෝධායන මධ්‍යස්ථාන කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site