(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය වම්බටුවැව වැවේ එගොඩට පිහිනා යෑමට ගිය අයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව නිකවැරටිය පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය වම්බටු වැව පදිංචි සුනිල් වන්නිනායක නැමති 51 වියැති දෙදරු පියෙකි
මෙම තැනැත්තා දියේ ගිලෙනු දුටු ඔහුගේ සහෝදරියකගේ කෑගැසීම ඇසී පැමිණි අසල් වාසීන් දියේ ගිලුනු අය බේරා ගෙන නිකවැරටිය රෝහලට ඇතුලත් කරණු ලදුව මරණයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි .
මියගිය අයගේ සිරුර පිලිබඳ හදිසි මරණ පරීක්ෂණය අද 19 දහවල් නිකවැරටිය රෝහලේ දී පැවැත් වීමට නියමිතව තිබුණි .
නිකවැරටිය මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd