(ප්‍රින්ස් රත්නායක )
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නාවික සෙබලුන් අතරින් තවත් සෙබලුන් දෙදෙනෙක් පී.සී. ආර් පරීක්ෂණ සඳහා රත්නපුර ශික්ෂණ රෝහළ වෙත යොමුකර ඇත.
එම සෙබලුන් බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් බුලත්ගම පදිංචිකරුවෙක් වේ. එම නාවික භටයා අද 26 වැනිදා පීසීආර් පරීක්ෂණයට ගෙන ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලබා දීමට නියමිත බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා සඳහන් කළේය.
ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් වේරගොඩ පදිංචි නාවික සෙබලා ද අද 26 වැනිදා රත්නපුර ශික්ෂණ රෝහළේදී පී.සී. ආර් පරීක්ෂණයට මුහුණ දුන් අතර ඔහුගේ පරීක්ෂණ වාර්තා ද 26 පස්වරුවේ ලැබීමට නියමිත බව ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද මංජුල ගොඩගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් නිලදාරීන් හොදට හිතන්න. ඉතාලියේ දොස්තරලා 150 වැඩි ප්‍රමාණයක් මියදුනා.