(තරංග ගුණරත්න)
වැලිගම කොළණිය සුසාන භූමිය අසලදී අද (08) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව වැලිගම පොලිසිය පැවසීය.
සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කීය.
වැලිගම කොළණිය සුසාන භූමිය අසල පිහිටි ක්‍රීඩාංගනයේ තරුණ පිරිසක් වොලිබෝල් ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී එක් ප්‍රහාරයක් අක්‍රිය වී ඇති බවත් පොලිසිය කීය.
සැකකරු පැමිණි බව කියන යතුරු පැදිය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් , වැලිගම පොලිසියේ නිලධාරීන් සහ කොටවිල පොලිසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd