IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වැලිගම වෙඩි තැබීමක්

(තරංග ගුණරත්න) 

වැලිගම කොළණිය සුසාන භූමිය අසලදී අද (08) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව වැලිගම පොලිසිය පැවසීය.

සිද්ධියෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බව පොලිසිය කීය.

වැලිගම කොළණිය සුසාන භූමිය අසල පිහිටි  ක්‍රීඩාංගනයේ තරුණ පිරිසක් වොලිබෝල් ක්‍රීඩා කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු  විසින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති බවත් වෙඩි ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී එක් ප්‍රහාරයක් අක්‍රිය වී ඇති බවත් පොලිසිය කීය.

සැකකරු පැමිණි බව කියන යතුරු පැදිය  ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට වැලිගම කොක්මාදුව පොලිස්   විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් , වැලිගම පොලිසියේ නිලධාරීන් සහ කොටවිල පොලිසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය කීය.

 



අදහස් (0)

වැලිගම වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site