(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදි අද (18) සවස යතුරු පැදිකරුවෙකු ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බූස්ස කදුරුපේ පදිංචිකරුවෙකු වන දඩල්ලගේ ආරියරත්න(63) සිල්වා නමැති අයෙකි.
ඔහු කොළඹ සිට ගාල්ල දෙසට යතුරු පැදියෙන් එමින් සිටියදි එම දිසාවේ සිටම පැමිණි ලංගම බස් රථයකට ඉස්සර කිරීමට යාමේදි බසයේ ගැටී යතුරුපැදිකරු පාරට විසිවී ඇත. ඒ සමගම ඉදිරියෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් ඔහුගේ හිස මතින් ගොස් ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරාද ලොරියේ රියදුරාද වාහන දෙකද අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල පොලිසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වැලි ලොරියට යටවී යතුරුපැදිකරු මරුට