(බිඟුන් මේනක ගමගේ)
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්ෂණ නිලධාරියකුට දේශපාලන ආධාරකරුවන් පිරිසක් පහර දී ඇතැයි ද ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් නිර්මාණය වීම ගැන සොයා බලන්නැයි ද ඉල්ලමින් සංවර්ධන නිලධාරි සංගමය වන සංරක්ෂණ හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතාට අද(19) ලිපියක් යොමුකර ඇත.
ගාලූ පාර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි රෙබෙකා ගාර්ඞ්න් නමැති හෝටලයේ හිමිකරු විසින් වෙරළෙහි ආරක්ෂිත ගල්වැටි ඇතුලූ ප්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීට එරෙහිව රාජකාරි කිරීමේදී වෙරළ සංරක්ෂන නිලධාරි පී. ඒ. ක්‍රිස්ටි විජයකුමාර මහතා මෙසේ ප්‍රහාරයට ලක්ව ඇතැයි ද සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව දකුණු පළාතේ සංවර්ධන නිලධාරින් හෙට (20) විරෝධතාවයක නියැලෙන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.
ක්‍රිස්ටි විජයකුමාර මහතා පසුගිය 17 වැනිදා සවස 3.15ට පමණ අදාළ ස්ථානයට ගොස් අනවසර ගොඩකිරීම් නතර කරන ලෙස ඉල්ලමින් එම ක්‍රියාව ඡායාරූපගත කිරීමේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි ද පසුව ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වනවිටත් නේවාසික ප්‍රතිකාර ලබන්නේ යැයි ද සංවර්ධන නිලධාරි සංගමය පවසයි.
බිම පෙරළා අමානුෂික ලෙස පහර දී නැවත නැගිට්ටවා ඔහුගේ හිස පොල් ගසක ඇන ඔහු පැමිණි යතුරුපැදියට පවා හානි කර ඇතැයි ද ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ තමන්ට සමීප දේශපාලන සබඳතා ඇති බව කියමින් තර්ජනය කර ඇතැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ නිලධාරියා මීටියාගොඩ පොලිසියේ CIB/02/113/124 අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා පොලිසිය නීතිමය පියවර ගෙන නැතැයි සංවර්ධන නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
රජයේ නිළධාරින්ට මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගෙන් එල්ලවන බලපෑම් වර්ධනයවීම හා ඊට රජය ලෙස නිසි පියවරක් නොගැනීම ගැන සිය විරෝධය පළ කරන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත විරෝධතාවයකට අවතීර්ණ වීමට සංවර්ධන නිලධාරින්ට සිදුවනු ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙරළ නිලධාරියාට කළ ප්‍රහාරය ගැන නීතිය පමා යැයි ඇමැතිට පැමිණිල්ලක්
දිමුත් Wednesday, 19 February 2020 10:35 AM
තව ඉස්සරහට හොද හොද සෙල්ලම් බලන්න පුලුවන්.