IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් සැඟවසිටි අයෙක් අත්අඩංගුවට

(ප්‍රියාණි මංගලිකා)
                      
වරෙන්තු 07ක් සහිත දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ, නිකවැරටියේ සැකකරුවෙකු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් විදෙස් ගතව සැඟවී සිට යළි මෙරටට පැමිණ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය අද (16) පැවසීය.

 සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිඳ යන දෙදෙනාද දින 03කට පමණ පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතවූ  බවද, සැකකාරියන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන තොරතුරු අනුව මෙම සැකකරු ලංකාවට පැමිණ වැල්ලවත්ත හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බව අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරු ව්‍යාජ නමකින් සකසන ලද ජාතික හැඳුනුම්පතක් මගින් විදෙස් ගමන් බලපත්‍රයක් සකසා මෙරටින් පලාගොස් ඕමාන් රටට ගොස් සිට ඇති අතර එහිදීද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව, කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යලි  ලංකාවට පැමිණ මෙලෙස වැල්ලවත්තේ සුපිරි හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී එම දින ගණන ගතවීමෙන් පසුව වෛද්‍ය වාර්තාද රැගෙන අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය සඳහන් කළේය.

නිකවැරටිය සහකාර පොලිස් අධිකාරි අලවත්ත මහතාට ලැබුණු තොරතුරක් මත, කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කොට්ඨාස පරිසර ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක උපාලි නවරත්න මහතා ඇතුලු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීම සිදුකළ  අතර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක ලලිත් සඳසිරි මහතා ඇතුලු නිලධාරින් විසින් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

 අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාජ ලිපි ලේඛන, සැකකරු සතු ජංගම දුරකතනය සමග සැකකරු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය .



අදහස් (0)

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් සැඟවසිටි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site