IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(ප්‍රියාණි මංගලිකා )

මුහුණු පොතේ  වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටි යුද හමුදා විශ්‍රාමිකයෙක් ,වෙද නලාවක් ,ඖෂධ , ශල්‍ය උපකරණ හා යතුරු පැදියක්ද සමග නිකවැරටිය රස්නායකපුර මාර්ගයේදී  24 දා  සැකකරු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.

නිකවැරටිය කොට්ඨාස රාජ්‍ය බුද්ධි සේවා අංශයට ලැබුන තොරතුරක් මත  අත්අඩංගුවට ගැණීම සිදු කරණ අවස්ථාවේ සැකකරුගේ බෑගය තුල  තිබී ,වෙද නලාවක් ,ශල්‍ය කැපුම් තල 02 ක්,සිලින්ජර් 04 ක්,අත් ආවරණ 04ක් සහ ඖෂධ තොගයක්ද සොයා ගැණුන බවද පොලීසිය පවසයි .

                          සැකකරු තමා වෛද්‍යවරයෙකු බව  පොලීසියට පවසා පවසා ඇති අතර, පරීක්ෂා කිරීමේදී ,ඔහු  44 වියැති  යුද හමුදා විශ්‍රාමිකයෙකු බවට තහවුරු වී ඇති බවද , ඔහු කලක සිට ව්‍යාජ වෛද වරයෙකු ලෙස පෙනීඇති සිට ඇති බවද , පොලීසිය සඳහන් කලේය .

                       සැකකරු  වේයන්ගොඩ ප්‍රදෙිශයේ  පදිංචි අයෙකු බවද ,මෙදින සැකකරු තම මුහුණු  පොතේ සිටින නිකවැරටියේ මිතුරෙකු හමු වීමට පැමිණ සිට ඇති  අතර රස්නායකපුර දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී ,එම මාර්ගයේදී අත්අඩංගුවට ගැණීම සිදුකල බවද පොලීසිය සඳහන් කලේය .
              සැකකරු කුමණ  හෝ වංචනික ක්‍රියාවක් සිදු කිරීමට නිකවැරටිය ප්‍රදේශයට මෙලෙස පැමිණෙන්නට ඇතැයි පොලීසිය සැක කෙරණ අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විට අරඹා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය .

                  නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී .අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් , කොට්ඨාස රාජ්‍ය බුද්ධි සේවා තොරතුරක් මත ,කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි .

                    නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙය වීමෙන් ,සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.



අදහස් (1)

ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Saradiwakara Ganthuna Monday, 30 November 2020 07:35 AM

මේ කාලේ හැටියට ඔක්කොම රණවිරුවන් තමයි. රණවිරුවන්ගේ කොටසක් තමයි වැඩවිරුවෝ. ඔවුන්ගේ තවත් කොටසක් තමයි ‘‘හොර වෙද‘‘ රණවිරුවෝ... රටට ගිය කලක්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site