(ජේ.කේ.එල්.චාමින්ද)
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ගුරු සේවයට හා අනධ්‍යන කාර්ය මණ්ඩල වල රැකියා ලබා ගත් 22නෙකු තනතුරු වලින් නෙරපීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම මේ අයුරින් තනතුරු ලබාගත් තවත් 52නෛකුට එරෙහිව පරික්ෂණ පැවැත්වෙන බවද දකුණු පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ වන විට සේවයෙන් නෙරපනු ලැබ ඇති අය අතර ගාල්ල දිස්ත්‍රික්කයේ අටදෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ අට දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ හය දෙනෙකු වෙති.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු දොළොස් දෙනෙකුට, මාතර දිස්ත්‍රික්කයේ දහහත් දෙනෙකුට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විසිතුන් දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බවද දකුණු පළාත්අධ්‍යාපන දේපාර්තමේන්තුව පවසයි.
මේසේ පරික්ෂණවලට ලක්කරණ අය අතර ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කරමින් ගුරු සේවයට ඇතුලූ වූ ගුරුවරුන් ලෙස සෙවයකරන්නන් පාසැල් මුරකරුවන් සහ අනධ්‍යන සේවකයින් සිටින බව අධ්‍යාපන දෙපාර්ථමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දකුණු පළාක් ආණ්ඩුකාර කිර්ති තෙන්කොන් මහතා විසින් ඉකුත් දා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදු කළ නිරීක්ෂන චාරිකාවකදි මෙම තොරතුරු අනාවරණය විය.
ගාල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරු ගුරුවරියන් පන්සීයක් අහඹු ලෙස තෝරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන සහතික සම්බන්දයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ගෙන්වාගෙන පරීක්ෂණයක් පවත්වන ලෙස මෙහිදි ආණ්ඩුකාරවරයා දකුණු පළාත්අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රැකියා ලබාගත් 22ක් සේවයෙන් ඉවතට
Mahee Sunday, 03 February 2019 08:25 PM
ඒ අස් කරපු කට්ටියට පුළුවන් නොවැ කිසිම අධ්‍යාපන සහතිකයක් ඉල්ලන්නේ නැති රටේ ඉහලම රැකියාවකට දාන්න.
ලුම්බිණි Monday, 04 February 2019 02:39 AM
සේවයෙන් ඉවතට විතරද? දඬුවම් නැද්ද?