(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගනිමින් හෝමදොල සමූපකාරය අසල ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අද (25) සැකපිට අත් අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.
සැකකරුට එරෙහිව මහජන පැමිණිලි 17 ක් තම පොලිස් ස්ථානයට ලැබි ඇති බවත් සැකකරු ලබාගෙන ඇති තැන්පතුවල වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධික බවත් පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
41 හැවිරිදි සැකකරු හෙට (26) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උඩුගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd