IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වැනිස් වඩදිය බාධකයට පුරපති යටවේ

ඉතාලියේ වැනිස් නුවරට ගලා එන වැඩි මුහුදු ජලය පාලනය කිරීමට ලිඩෝ මෝයකට මැදින් ඉදිවෙමින්  පවතින මෝසේ බැම්ම ඉදිකරන සමාගමෙන් අල්ලස් ලබාගත් දේශපාලකයන් ඇතුළු 34 දෙනෙක් ඉතාලි පොලිසියෙන් පසුගියදා ක්‍රියා කළේය.

 යුරෝ කෝටි 500ක (රුපියල් කෝටි 8650000000 ) වටිනාකමකින් යුත් මෝසේ ව්‍යාපෘතිය ඉතාලියේ ෆින්කොන්ති සමාගම විසින් 2003 වර්ෂයේදී ඇරැඹිණි. එය මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ තිබේ.

වඩදිය වැඩි කාලයට  මුහුදු ජලයෙන් වැනීසිය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණය. මීටර් දෙකකට ආසන්න උසකින් පැමිණෙන වැඩි මුහුදු ජලය ඉබේ එසවෙන ප්ලාස්ටික් බැම්මක ආධාරයෙන් නතර කිරීම සඳහා ඉදි කිරීම් සිදුවෙයි.

පසුගිය නගරසභා ඡන්දයේදී   වර්තමාන වැනිස් නගරාධිපති ජෝර්ජෝ ඔර්සානිට ෆින්කොන්ති සමාගම යුරෝ පන්ලක්ෂ හැටදහසක් (රුපියල් 96880000)ලබා දී ඇති බවටත් හිටපු වැනේතෝ පළාත් ආණ්ඩුකාර ජන්කාර්ලෝ ගලාන් සුඛෝපභෝගී  නිවසක් මෙන්ම  යුරෝ ලක්ෂ හතලිහකට(රුපියල් 6920000000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ලැබුණු තොරතුරු මත  ඔවුන් දෙදෙනා ඇතුළු එසේ අල්ලස් ලබා ගත් හා අනුබල දුන් 34 දෙනෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඉතාලි අල්ලස් හා දුෂණ මර්දන පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති විතෝ බාරදී ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරින් තිදෙනෙක් මේ අතර වෙති.

 



අදහස් (0)

වැනිස් වඩදිය බාධකයට පුරපති යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site