IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෑන් රථයක් පස් කන්දක ගැටී 13ක් රෝහලේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ගිනිගත්හේන - පඹහේන ප්‍රදේශයේ වෑන් රථයක් පස් කන්දක ගැටී සිදු වු අනතුරකින් වෑන් රථයේ රියදුරා ඇතුළු 13දෙනෙකු තුවාල ලබා ගිනිගත්හේන රජයේ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
 
හැටන් - කොළඹ  ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරයට ආසන්න ගිනිගත්හේන පොලිස් වසමට අයත් බඹහේන ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස්කන්දේ ගැටී මාර්ගය හරහා ඇදී ගොස් මෙම අනතුර සිදුව තිබේ.
 
එම අනතුරෙන් එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයින් 15දෙනෙකුගෙන් 13දෙනෙකු තුවාල ලැබීම නිසා රෝහල් ගත කර ඇත. එයින් පුද්ගලයින් 6කට පමණ බරපතල තුවාල සිදු වී ඇත. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව තුවාලකරුවන් 9දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රජයේ මුලික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කරන බව වෛද්‍යවරු පැවසීය.
 
මෙසේ අනතුරට පත්ව ඇත්තේ, ගම්පහ ප්‍රදේශයේ සිට ඥාතියෙකුගේ අවමඟුල් නිවසක් වෙත නුවරඑළිය ප්‍රදේශයට පැමිණ නැවත නිවස වෙත ගමන් ගනිමින් සිටින අතරතුරය.
 
අනතුරට හේතුව රියදුරාට නින්දයාම හෝ රථය පාලනය කරගත නොහැකිව වේගය විය හැකි බව පොලිසිය අනුමාන කරයි. ගින්ගත්හේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



අදහස් (0)

වෑන් රථයක් පස් කන්දක ගැටී 13ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site