IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයා මරුට

(ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න)
 
දිඹුලාගල ,  මඟුල්දමන ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළක රාජකාරී කරමින් සිටි සිවිල් ආරක්‍ෂක භටයෙකු අද  (11) අලුයම වනඅලියෙකු පහරදීමෙන් මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
 
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අරලගංවිල රිදීපොකුණ සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කල වැලිකන්ද, අසේලපුර , මහින්දාගම, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි සිවිල් ආරක්‍ෂක නියාමක (පී. 86627) පල්ලේගම දුරයලාගේ මංජුල ප්‍රදීප් කුමාර ගුණතිලක(33) යන අයයි.
 
එම සිවිල් ආරක්‍ෂක භටයා තම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලේ ආරක්‍ෂක රාජකාරියේ නිරතව සිටියදී වන අලියා ගොවිපල තුලට පැමිණ පහරදී තිබෙනන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.

ඔහුගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (11) පොලොන්නරුව මහ රෝහලේදී සිදු කිරීමට නියමිත බව පොලීසිය පැවැසීය. අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

  (   ඡායාරූප - ප්‍රසාත් සමන්) 

 



අදහස් (0)

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site