(නිමල් ජයරත්න සහ ක ග කරුණාරත්න )
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය මහවැව ප්‍රදේශයේදි යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට අද (22) වන අලියෙකු පහර දිමෙන් ඔහු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර මෛත්‍රිගම අංක 209 ලිපිනයේ පදිංචිව සිටි 28 වියැති ගුණසේකර ආරච්චිලාගේ සරත් කුමාර යන එක්දරු පියෙකු බව පරික්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය කියයි.
ඔහු මෛත්‍රිගම සිට කදුරුවෙල දක්වා ඥාති නිවසකට සහල් උරයක් ලබා දිමට රැගෙන යමින් සිටියදි මෙම වනඅලි ප්‍රහාරයට ගොදුරු ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.
ඔහුගේ සිරුර මනම්පිටිය ප්‍රාදේශිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත්කර තිබෙන අතර වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා ඇතුලු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
ගත වු දෙසතිය ඇතුලත මහවැලි බී කලාපයේ වනඅලි ප්‍රහාර වලින් මියගිය තෙවන මරණයද මෙය වේ.
( ඡායාරූප -නිමල් ජයරත්න)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට