IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුලිසැර වැදි තරුණයෙක් මරුට

( ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව දහය කණුව ප්‍රදේශයේ16 හැවිරිදි තරුණයෙකු විදුලිය සැර වැදීමකින් මියගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව  10 කණුව පදිංචිව සිටි මනුවෙල් වඩුගේ නදීර ප්‍රසාද් පීරිස් (16) නමැති තරුණයකු බව පොලීසිය පැවසීය.

සිය නිවස පිටුපස ඇති ළිඳට සවි කරන ලද ජල මෝටරයට විදුලිය සම්බන්ධ කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය කියයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුලියබල මණ්ඩලයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසූ පොලීසිය, මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත බවත් පැවසීය.

 



අදහස් (0)

විදුලිසැර වැදි තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site