(සිසිර කැලේගම)
පොල්පිතිගම, පොතුවිල ප‍්‍රදේශයේ ගෙවත්තක වගා බිමට අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැනක ගැටී වන අලියෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් ගෙවතු හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව හේරත්ගම වනජීවි කාර්යාලය පවසයි.
ගෙවත්තේ වගා කර තිබූ එළවඵ හා පොල් වගාවක් ආරක්ෂා කර ගැනීම සදහා නිවසේ සිට ඇද තිබු අනවසර විදුලි රැහැනේ ගැටීමෙන් වගා බිමට පැමිණි වන අලියා අද (29) අලුයම් කාලයේදී මෙලෙස මරණයට පත්ව ඇති අතර, වනජීවි නිලධාරින් එම ස්ථානය පරික්ෂාවට ලක් කරන විටත් අනවසර විදුලි රැහැන එලෙසම තිබු බැවින් එය නඩු භාණ්ඩයක් ඔවුන් බාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අද (29) මහව මහේස්ත‍්‍රාත් අධිරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විදුලි රැහැන් ඇද අලියා මැරුවාට ගෙවතුහිමිකරු අත්අඩංගුවට