(නයනජිව බන්ඩාර)
වැල්ලවාය ඌව කුඩාඹය ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකදී වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් තරුණයින් තිදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කුඩාඹය පොලිසිය පැවසීය.
අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් හෙරොයින් පානයට ඇබිබැහි වුවන් බවත් මොවුන් මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික ප්‍රතිකාරක මධ්‍යස්ථානයට ගොස් මානසික රෝගින් භාවිතයට ගන්නා ඹෟෂධයක් ඉල්ලා ඇති බවත් එම ඹෟෂධ ලබාදීම වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මොවුන් වෛද්‍යවරයාට පහරදී ඇති බවත් කුඩාඹය පොලිසිය පැවසීය.
සැකකරුවන් හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd