(ක.ග.කරුණාරත්න)
විද්‍යුත් ක‍්‍රමයට කේරළ ගංජා විකිණීමේ ජාරමක නිරතව සිටි පුද්ගලයෝ දෙදෙනෙකු මින්නේරිය ආයුර්වේද රෝහල අසලදී අද(21)අත් අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි.
එක් අයෙකු ලඟ ග‍්‍රෑම් 02 බැගින් සැකකරුවන් දෙදෙනා සන්තකයේ කේරළ ගංජා ග‍්‍රෑම් 04ක් තිබූ බව විමර්ශණ සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
විද්‍යුත් ක‍්‍රමයට මුදල් බැර කල පසු ඒ සැනෙකින්ම ගැණුම්කරුවන්ට අවශ්‍ය ප‍්‍රමාණය සපයන බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශ කර ඇත.
ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්‍ෂක කේ.එම්.ජී.එස්.කුලතුංඟ මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූහ.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්න කැලිෆෝර්නියාවේ ගංජා තහනමක් නැහැ. අප්‍රේල් 20 දිනයට මේ ප්‍රාන්තයේ කියන්න "වීඩ් ඩේ" කියලයි. දැනට තිබෙන තත්වය නොතිබුනානම් ලක්ෂ ගණනක් සෙනග සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ ප්‍රසිදිධ උද්‍යානයකට රැස්වී ගංජා සිගරට් පාවිච්චි කරනවා. සමහර ඇස් අබධාවල හොදලු.