
(රංජිත් රාජපක්ෂ)
රජය වතු කම්කරුවන්ට දිනකට ලබාදෙන බවට පොරොන්දු වු රුපියල් 1000 ක වැටුප මුලික වැටුපක් වශයෙන් 2021 ජනවාරි මස සිට ගෙවිමට කටයුතු කරන ලෙස බල කරමින් වතු කම්කරු වැටුප් අයිතිවාසිකම් සුරැකිමේ ව්‍යාපාරය ඇතුළු කඳුරට සිවිල් සංවිධාන රැසක් එක් වි අද (17) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ උද්ඝෝෂණයක නියැලුණි.
වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුපක් ලබාදෙන ලෙසට අයවැය මගින්ද යෝජනා වු නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය , වතු සමාගම් සහ වතු වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡා වට කිහිපයක් අසාර්ථක වි ඇති බව ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශවයන් සමග තවදුරටත් සාකච්ඡා කර වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක මුලික වැටුපක් ඇතුළු සෙසු දිමනා ලැබිය යුතු බවත් , වතු කම්කරුවෙකුට මසකට දින 25 ක් වැඩ ලබා දිය යුතු බව කදුරට සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.පි.ටි.ගනේෂලිංගම් මහතා කියා සිටියේය.
වතු කම්කරුවන්ට රු පියල් දහසක මුලික වැටුපක් සහ මසකට දින 25 ක වැඩ දින ගණනක් ලබාදෙන තෙක් වතුකරය පුරා සහ දිවයින පුරා මෙවැනි උද්ඝෝෂණය සිදු කරන බව ගනේෂලිංගම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වතුකම්කරු වැටුප වැඩි කරන්නයි උද්ඝෝෂණයක්