
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස වැඩි මිලට අලෙවි කිරීම සඳහා මාදිවෙල ප්‍රගතිපුර දේවාල පාරේ නිවසක සඟවා තිබූ ඩීසල් ලීටර් 180 ක් සමග පුද්ගලයකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම ඩීසල් තොගය විශාල බැරල් එකක සහ ප්ලාස්ටික බූලි කිහිපයක බහා තිබූ බව පොලිසිය සඳහන් කරයි
ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්නය.
එම සැකකරු ඩීසල් ලීටර් එකක්. රුපියල් 1000 සහ1200 වැනි අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි
59 එම පුද්ගලයා ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙකි.
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩිමිලට ඩීසල් විකුණන්න හැදූ කොන්ත්‍රාත්කරු දැලේ
de silva Sunday, 07 August 2022 04:31 PM
QR ක්‍රමයේ සති අන්තිම දවස අද. අද ඕනෙම කෙනෙකුට පෝලිමක් නොමැතිව ලංකාවේ තෙල් තිබෙන ෂෙඩ්වල තෙල් ගහන්න පුළුවන්. කවුරුවත් වැඩි මිලට තෙල් ගන්න එපා. එතකොට ජාවාරම්කරයන්ට තෙල්වලට කර කියාගන්න දෙයක් නැතිවෙනවා.