බිමල් ෂ්‍යාමන් ජයසිංහ
පානදුර වදුරාමුල්ල නිවසක විදේශීය මත්පැන් වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු මත්පැන් බෝතල් 16 ක් හා රුපියල් 13000 ක් සමග අද (27) අත් අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
බාබර් සාප්පුවක් සිදු කරන පුද්ගලයෙකු සේ නිවසේ රුපියල් 7500 වැනි මිලට මත්පැන් බෝතල් විකුණන බව පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්.එස්.බංඩාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු වැටලීම කළ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
පානදුර කොට්ඨාසයේ බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්.එස්.බංඩාර මහතා පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd