කුෂාන් ජයවර්ධන
කැකිරාව පුබ්බෝගම ප්රදේශයේ පිහිටි ගොවි ජනතාවට වැඩිමිලට පොහොර අලෙවි කරන හා තහනම් ග්ලයිෆෝසේඩ් අලෙවි වෙලද සැලක් වටලීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය හා අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරිය මගින් අද (4) සවස කටයුතු කරනු ලැබීය.
එම වැටලිමේදී එම වෙළදසැලේ අලෙවියට තබා තිබූ තහනම් ග්ලයිෆොසෙඩ් පැකට් 360ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩි මිලට අලෙවි කිරීමට තිබූ පොහොර තොගය එම අවස්ථාවේ පොහොර මිලදී ගැනීමට පැමිණ සිටි ගොවි ජනතාව වෙත රජයේ පාලන මිලට ලබා දීමට ද පාරිභෝගික සේවා අධීකාරියේ නිලධාරීහු පියවර ගත් අතර එම අවස්ථාවේ පොහොර මිළදී ගැනීමට පැමිණ ගොවීන් රැසක්ද එම ස්ථානයේ රැස්ව සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙළදසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති.
සැකකරු ගල්කිරියාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පියවර ගනු ලැබූහ.



2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි මිලට පොහොර අලෙවි කළ වෙළදසලක් වටලයි