මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුන් පොයෝය සැමරීම වස් ලන්ඩන් නුවරදී " මිහිඳු සඳ" නමින් පොසොන් පින්කමක් පැවැත්වීමට යයි.
ශ්‍රී ලාංකික විහාරස්ථානයකින් බැහැරව මෙවන් පින්කමක් සංවිධානය කෙරෙන ප්‍රථම අවස්තාව මෙය බව සංවිධායකයෝ පවසති.
පොසොන් මස 15 වැනි ඉරුදින වොට්ෆර්ඩ් නගරයේ වුඩ්සයිඩ් ප්‍රජා ශාලාවේදී සවස 5 සිට රාත්‍රී 10.30 දක්වා පැවැත්වෙන මෙම පිංකමට ධර්මදේශනා,දර්ශනීය පහන්කුඩු සහ සැරසිලි,බැති ගී ගායනා, මිහින්තලා අනුරුවක් සහ දන්සලක් ඇතුළත්වෙයි.
පොසොන් පුන් පොහොය නිමිති කරගෙන එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හිදීද පින්කම් රැසක්ම සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත් ක්‍රියාවක් (දී)