IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලන්ඩන් නුවර වස් පිංකම්

සිදුහත් කුමරුන් මවු කුස පිළිසිඳ ගැනීම, ගිහි ගෙයින් නික්ම යාම, බුද්ධත්වයෙන් පසු බුදුන් වහන්සේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් හට ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කිරීම, ප්‍රථම ධම්ම සංඝායනාව සහ භික්ෂුන් වහන්සේ පෙරවස් පිහිටුවීම යනාදී වැදගත් ශාසනික සිදුවීම් සනිටුහන් කෙරෙන ඇසළ පුන් පොහොය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලකම විශේෂ පින්කම් පවත්වනු ලැබිය.

 දවස පුරාවටම පැවැත්වුණ මෙම පින්කම් සඳහා වැඩිහිටි මෙන්ම ළමා සැදැහැවතුන් විශාල වශයෙන් සහභාගීවී සිටිනු දක්නට ලැබුණි.

මෙයට අමතරව වස් අරාධනා පින්කම් ද එදින සවස් භාගයේදී පවත්වනු ලැබිය.

ලන්ඩන් බෞද්ධ විහාරයේ එදින පනහකට වැඩි පිරිසක් අෂ්ඨාංග උපොසත ශීලය සමාදන් වුහ. දවස පුරාවටම  බුද්ධ වන්දනා, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබිය.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලිකත්වයෙන් සංවිධානය කෙරුණ පින්කම් සඳහා විහාරවාසී සියලුම භික්ෂුන් වහන්සේලා සහාය වූ අතර ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික විද්වතුන් සහභාගි වූ බුද දහමේ ගැඹුරු තැන් පිලිබඳව බුද්ධිමත්ව කතා බහ කෙරුණු ධර්ම සාකච්ඡාවන්ද පැවැත් විණි.

ලන්ඩන් නුවර ශ්‍රී සද්ධා තිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ දී දහම් පාසලේ ළමුන් සඳහා විශේෂයෙන් සංවිධානය කෙරුණ සිල් වැඩසටහනක් සහ වැඩිහිටියන් සඳහා පොහෝදින වැඩසටහනක් පැවැත්වුණි.

ළමා සිල් වැඩසටහන අවසානයේදී පසුගිය වසරේ කොළඹ තරුණ බෞද්ධ සම්මේලනය මඟින් පවත්වන ලද දහම් පාසල් විභාගයන් සඳහා සහභාගිවූ  සිසු සිසුවියන් හට සහතික පත් සහ ත්‍යාග පිරිනැමීමද සිදු කෙරුණි.

මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න සහ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් චන්ද්‍රා මොනාරවල සහභාගී වුහ.

මෙවර සද්ධාතිස්ස විහාරස්ථානයේ වස් වැසීම සඳහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමි, ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි, මාතලේ විජයවංශ හිමි, බොහින්ගමුවේ රතනජෝති හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, විල්බාගෙදර ඥානිස්සර හිමි, අමිතසාර හිමි සහ  නේපාලේ සුමන හිමි ආරාධනා ලැබුහ.

 

 



අදහස් (0)

ලන්ඩන් නුවර වස් පිංකම්

සමන්ත Friday, 05 December 2014 03:49 PM

සාධු......සාධු (දී)

:       0       0

නාලක Monday, 14 July 2014 07:34 AM

හොඳට තියෙන රටවලට විෂබීජ බෝකරන්න එපා. (නදී)

:       0       0

හසන්ත Monday, 14 July 2014 07:36 AM

බුදු සරණ වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site