
(ඩී.ජී.සුගතපාල)
රුපියල් ලක්ෂ පහමාරක් පමණ වටිනා හෙරොයින් මෝටර් රථයකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පියදිගම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පෙර වැරදි රැසක් තිබෙන අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට මාසයකට පමණ පෙර ඇප ලබා පැමිණ යලිත් හෙරොයින් ජාවාරම පටන් ගෙන ඇති බව අනාවරණය වී ඇත.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගිංතොට උක්වත්ත ප්‍රදේශයේ රැකවල්ලා සිට මෝටර් රථය නවතා පරීක්ෂා කිරීමේදි සැකකරු සන්තකයේ තිබී මෙම හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 230ක් තොගය සොයාගෙන ඇත.
මෝටර් රථය පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු එහි සුක්ෂම ලෙස තවත් හෙරොයින් සඟවා තිබේදැයි නිල සුනඛයා ලවා පරීක්ෂා කිරීමටද පියවර ගත්තේය.
සැකකරු සහ මෝටර් රථය හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ5ක හෙරොයින් අල්ලයි