(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                                  

රුපියල් ලක්ෂ 2 කට ආසන්න  වටිනා හෙරෙයින්  මත්කුඩු පැකට් 110  සමඟ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක්  අද (6)  අත්අඩංගුවට ගත් බව  මොරටුමුල්ල  පොලිසිය කියයි.                       

කටුබැද්ද ගෝමස් පෙදෙසේ දී  හා සිරිබර මැණිකේ පුරදී  සැකකරුවන් දෙදෙනා මත්කුඩු පැකට් 108 සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී එක් සැකකරුවකු බැලීමට මත්කුඩු පැකට් 2 ක්  රැගෙන පැමිණි ඔහුගේ බිරිඳ වන එම කාන්තාව  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.