IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු දැලේ

(අධිකාරි මුදියන්සේ)
 
ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අද(11) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල  පොලිසිය පවසයි.
 
මෙම සැකකරුවන් දෙදෙනා කෑගල්ල අඹන්පිටිය හා අටුගොඩ ප්‍රදේශයේ පදිංචි  49 හා 59 හැවිරිදි  පුද්ගලයන් ය.
 
යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන නගරාන්තර  සීඝ්‍රගාමී දුම්රියේ මෙම සැකකරුවන් දෙදෙනා පැමිණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැස යන  අවස්ථාවේ දී කේරළ ගංජා තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත. 
 
එක් සැකකරුවෙකු සන්තකයේ කේරළ ගංජා කිලෝවක් සහ ග්‍රෑම් 235ක් හා අනෙක් සැකකරු සන්තකයේ ග්‍රෑම් 280ක් තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න  බවත් ඔවුන් කලක පටන් කෑගල්ල ප්‍රදේශයට කේරළ ගංජා ගෙනවිත්  අලෙවි කර ඇති බවත්  පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා කේරළ ගංජා තොගය හෙට(12) පොල්ගහවෙල  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site