
(විමුක්ති සංජය පෙරේරා)
රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශයේ සිට මහියංගන පගරගම්මන දෙසට බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (25) සිය බාරයට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකටයුතු ලොරි රථයේ රියදුරා පොලිසිය දැක රථය දමා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. පලාගිය සැකකරු සොයා ප්‍රදේශයේ විශේෂ පොලිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී ලක්ෂ තුනක් පමණ වටිනා, උළුවහු සදහා ඉරූ තේක්ක දැව කැබලි 136ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් ලොරි රථය සහ දැව තොගය ලබන 27 වැනිදා මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd