
(පද්මා කුමාරී කංකානම්ගේ)
නීති විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝ 2000 කට ආසන්න ප්‍රමාණයක් කල්පිටිය දලුව ආශ්‍රත මුහුදේදී අද (12)අලුයම අත්අඩංගුවට ගත් බව පුත්තලම තම්බපණ්ණී නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට පත් කහ තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වේ.
කහ ප්‍රවාහනය සදහා යොදාගත් ධීවර යාත්‍රා දෙකක්, ගොඩ බිම ප්‍රවාහනය සදහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ලොරි රථයක් සහ සැකකරුවන් 6දෙනෙකු මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කල්පිටිය සහ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.සැකකරුවන් හා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිත ය.

2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 70ක කහ තොගයක් කල්පිටියෙන් අල්ලයි