( රේඛා තරංගනී ෆොන්සේකා)
ගේට්ටු සහ වහල සැකසීමට යොදා ගන්නා ඇණ මොරටුව ප්‍රදේශය පුරා බෙදාහරින ආයතනයකට සංචරණ සීමා කාලයේදී විටින් විට ඇතුළුවී රුපියල් ලක්ෂ 35 ක් වටිනා ඇණ සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
එම ඇණ මිලදී ගත් බව කියන සැකකරුවන් හතර දෙනෙකු ද විකිණිමට සුදානම් කර තිබු ඇණ පෙට්ටි පහක් ද ඔවුන් සමඟ අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
ලැබුණු පැමිණිල්ලකට අනුව ප්‍රදේශ කිහිපයක හාඩ්වෙයාර් සම්බන්ධ කොට ගනිමින් සිදු කළ පරීක්ෂාවකදී මෙම සැකකරු පිළිබඳව බුද්ධි අංශ වෙතින් ලැබුණු තොරතුරු ඔස්සේ යමින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් කණ්ඩායම සැකකරුගේ නිවසට යන විට අලෙවි කිරීමට ගෙන යෑම සඳහා සූදානම් කොට තිබූ ඇණ පෙට්ටි පහ ඔහුගේ නිවසේදීම සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අතර හාඩ්වෙයාර් හිමිකරුවෙකු සහ සොරකම සිදු කරන සැකකරුගෙන් ඇණ ලබාගෙන හාඩ්වෙයාර්වලට අලෙවිකරණයේ යෙදෙන ලෙස කටයුතු කරන සැකකරුවන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය කීවේය.
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 35ක ඇණ සොරකම්කළ සහ මිලදීගත් 5 ක් අත්අඩංගුවට