(හේමලතා ඩී හේවගේ)
වෙන්නප්පුව ඇතුඵ අවට ප්‍රදේශවලට කාලයක සිට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරතවූ කාන්තාවක් සහ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 138 යි මිලි ග්‍රෑම් 870 ක් සමග සිරිගම්පොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම අත් අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන මේවන විටද රක්ෂිත බණ්ධනාගාරගතව සිටින අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලි ග්‍රෑම් 870 ක් සොයා ගනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුකට අනුව අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මත් කුඩු අලෙවි කරන සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සකකරු යතුරුපදියකින් නිවසවෙත යමින් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි .
අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (12) නඩු භාණ්ඩද සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලක්ෂ 21 ක හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට