(හේමලතා ඩී හේවගේ)
වෙන්නප්පුව ඇතුඵ අවට ප්‍රදේශවලට කාලයක සිට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරතවූ කාන්තාවක් සහ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 21 ක් පමණ වටිනා මත්කුඩු ග්‍රෑම් 138 යි මිලි ග්‍රෑම් 870 ක් සමග සිරිගම්පොල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම අත් අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන මේවන විටද රක්ෂිත බණ්ධනාගාරගතව සිටින අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලි ග්‍රෑම් 870 ක් සොයා ගනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුකට අනුව අත් අඩංගුවට ගත් සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මත් කුඩු අලෙවි කරන සිරිගම්පොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සකකරු යතුරුපදියකින් නිවසවෙත යමින් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි .
අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (12) නඩු භාණ්ඩද සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd