
(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 වැඩි වටිනා කමකින් යුතු වියලි කහ තොගයක් පයාගල මග්ගොන මුහුදු වෙරළේ තිබී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් කහ තොගය අතර කිලෝ 170 ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විදේශ රටක සිට ආනයනය කර තිබූ මෙම කහ තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානමක් සූදානමක් ඇති බවට විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරට ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් පයාගල පොලිස් වසමට අයත් මග්ගොන මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ,කළුතර කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතාට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අළුත්ගම කඳවුරේ කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ජේ.ඩී.ඩබ්.එස්. ජයකොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම කහ තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් මිරිස්වත්ත, , උඩුගම්පල ප්‍රදේශවල පදිංච් කරවන්දබවද පැවසේ.
අත්අඩංගුවට සැකකරුවන් හා කහතොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පයාගල පොලිස් ස්ථානය වෙත වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
676
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 10ක කහ මග්ගොන මුහුදු තීරයෙන් මතුවෙයි