බිමල් ෂ්‍යාමන් ජයසිංහ
කැස්බෑව නගරය ආසන්නයේ ලී වෙළෙඳ සැලක අද (22) අලුයම හටගත් ගින්නකින් එම වෙළෙඳ සැල සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වූ බව පිළියන්දල පොලිසිය කියයි .
අලුයම 2.35ට පමණ පිළියන්දල පොලිසියෙන් කරන ලද දැනුම් දීමක් අනුව දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව අංශ භාර නිලධාරී එස් .සුනන්ද පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් ගිනි නිවීමේ රථයක් හා ජල බවුසර් තුනක් රැගෙන එම ස්ථානයට පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය.
වෙළෙද සැලට යාබදව තිබෙන වෙළෙඳ සැල් පෙළ බේරා ගැනීමට හැකි වූ බව පිළියන්දල පොලිසියේ නිලධාරීයෙක් පැවසීය .
ගින්න ලී වෙළෙඳ සැලේ පිටුපස පෙදෙසෙහි හටගෙන තිබීම සැකයට කරුණක් බව ලී වෙළඳ සැලේ හිමිකරු පැවසූ බව දෙහිවල-ගල්කිස්ස ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ අංශ භාර නිළධාරී එස්. සුනන්ද පෙරේරා මහතා පැවසීය .
ගින්නත් සමගම ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd