(අනීෂා මානගේ)
දීමනා ගෙවීම් සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමින් හම්බන්තොට දිස්ත්‍රීක්කයේ මූලික රෝහල්වල හෙද නිලධාරින්, අතුරු වෛද්‍ය, පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ සෞඛ්‍ය කාර්යය සහයකවරු අද(15) පෙරවරු 7.00සිට 12.00 දක්වා සේවයෙන් ඉවත් වී සිටීමෙන් දිස්ත්‍රීක්කය පුරා රෝහල්වල එදිනෙදා කටයුතු අඩාල විය.
අප්‍රේල් මාසයේ ගෙවිය යුතු අතිකාල දීමනා, සති විවේක දීමනා, රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින දීමනා මෙතෙක් ගෙවා නොමැති වීම හේතුවෙන් මෙලෙස අද(15) පෙරවරු කාලයේ සේවයෙන් ඉවත් වී සිටීමට තීරණය කළ බව වර්ජනයේ නියුතු නිලධාරිහු කීහ.
තංගල්ල මූලික රෝහලේ සේවය කරන රජයේ හෙද නිලධාරින්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, පරිපූරක අතුරු වෛද්‍ය ඒකාබද්ධ සංගමයට අයත් සාමාජිකයන් , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් 175ක් පමණ මෙලෙස වර්ජනයේ නිරත වුහ.
වලස්මුල්ල මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකවරුන්ද මෙම වර්ජනයට සහයෝගය ලබා දී තිබූ බවද රෝහලේ සේවකයන් 65 දෙනකු පමණ ඊයේ වර්ජනයේ නිරත වූ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරී රංග චන්ද්‍රසේන මහතා පැවසීය.
තිස්සමහාරාම මූලික රෝහලේද සෞඛ්‍ය කාර්යය සහයකවරුන් වර්ජනයට සහය ලබා දී තිබූ බව හම්බන්තොට දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.
දිස්ත්‍රීක්කයේ සියලු මූලික රෝහල්වල බාහිර රෝගී අංශයේ වැඩකටයුතු අඩාල වී තිබූ අතර හදිසි ප්‍රතිකාර, මාතෘ ඒකකවල ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ බවද එම මහත්මිය පැවසුවාය.



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝහල්වල වර්ජනයෙන් රෝගීහූ පීඩාවට