IMG-LOGO

රාහුලේ කොල්ලෙක් ජගත් සමුළුවකට

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ලබන ඔක්තෝබරයේ දී පැවැත්වීමට නියමිත ‘වන් යං වර්ල්ඩ් සමිට්‘ යොවුන් නායක  වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍ය රඛිත හේමවර්ධන (22) තෝරා ගනු ලැබීය.

ඔක්තෝබර 15 වැනි දා සිට 19 වැනි දා දක්වා මේ වැඩමුළුවට පැවැත්වීමට නියමිතය.

ලෝකයේ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා ලොව පුරා වෙසෙන දීප්තිමත් තරුණ තරුණියන්ට එක්ව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීම මේ සමුළුවේ අරමුණයි.

ස්වේච්ඡා සේවයට දක්වන කැමැත්ත, අලුත්වන ලෝකය පිළිබඳ දක්වන උනන්දුව, නායකත්ව ලක්ෂණ ආදී  මත රඛිත  මෙම සමුළුවට තෝරාගෙන ඇත.

ලෝකයේ ළමයින් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක් වන ‘සාමය සදහා දරුවෝ‘ නම් සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලෙසද රඛිත කටයුතු කරයි.

ඔහු මාතර රාහුල විද්‍යාලයයේ ආදි ශිෂ්‍ය නායකයෙකි.



අදහස් (0)

රාහුලේ කොල්ලෙක් ජගත් සමුළුවකට

පුබුදු ශ්‍යාමික ජයසිංහ Thursday, 05 June 2014 01:15 PM

අයියා රාහුලයට විතරක් නෙමෙයි ලංකාවට විතරක් නෙවෙයි මුලු රටටම අඩම්බරයක්. අයියට තිබුන නායකත්ව ලක්ෂන ඒ කාලේ ඉදලම අපි දැක්කා. මොකද අයියා රාහුල විදුහලේ ප්‍රදාන ශිශ්‍ය නයකයා වෙලත් හිටියනේ. අයියට සුබ පැතුම් (නදී)

:       0       0

නිමන්ත Thursday, 05 June 2014 02:16 PM

ඇත්තටම ලංකාවේ ඉන්නේ මහා කුහක මිනිස්සු. සමහර අය මෙය දකුණු පළාතේ කෙනෙක් හින්දා ලැබිච්ච අවස්ථාවක් විදියට අර්ථ දක්වල තියෙනවා. ඇත්තටම මේකට රජයේ සම්බන්දයක් නෑ. රඛිත කියන්නේ රාහුලේ හිටපු ප්‍රදාන ශිෂ්‍ය නායකයා විතරක් නෙමෙයි එජාප ජාතික යොවුන් පෙරමුකේ මාතර උප සභාපති ඒ වගේම මාධ්‍යවේදියෙක්. වැඩි විස්තර දැන ගන්න ඕනා නම් ගූග්ලේ බලන්න.(නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 12:59 PM

ලියනගේ ,එය මෙලෙස නිවැරදි කරමු ශ්‍රී ලංකික කොල්ලෝ එහෙම තමයි ,තෑන්ක් ඔබට (අ)

:       0       0

පාලනී තිගම්බරම් Thursday, 05 June 2014 06:00 PM

සුභ පැතුම් රඛිත! (නි)

:       0       0

නිමල් Thursday, 05 June 2014 10:52 AM

මේ තරුණයාට ඇති වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්, විශේෂ දක්ෂතා ආදී දේවල් ගැනත් අපි දැනගන්න ආසයි (නි)

:       0       0

සරණ Thursday, 05 June 2014 10:53 AM

උණුසුම් සුභ පැතුම්...!!! මුලු ලෝකයටම වටිනා දෙයක් කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

අශෝක Thursday, 05 June 2014 11:10 AM

ඇයි බය වෙලා වගේ. පපුව කෙලින් තියාගෙන ගිහින් ලංකාවේ වැඩ පෙන්වන්න.(දිල්)

:       0       0

කමිල් Thursday, 05 June 2014 11:32 AM

අපිත් කැමතියි රඛිත ගේ විශේෂ නිපුනතා, අධ්‍යාපන ජයග්‍රහණ ගැන දැන ගන්න. සාමාන්‍යයෙන් ඔවැනි සමුළු වලට තෝරා ගන්නේ එවැනි සුවිශේෂ දක්ෂතා ඇති අයනේ. (ස)

:       0       0

ගමගේ Thursday, 05 June 2014 12:02 PM

ඔබට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

මේනක Thursday, 05 June 2014 12:05 PM

මේ මල්ලි දකුණු පළාතේද? (නි)

:       0       0

ජෙහාන් Thursday, 05 June 2014 12:17 PM

ඇත්තටම මේ තරුණයාගේ වෙනත් විශේෂ දක්ෂතා ගැන හැමෝම දැනගන්න එක හොඳයි (නි)

:       0       0

ලලිත් Thursday, 05 June 2014 12:36 PM

ඇත්තටම මම මේ කියන සාමය සහ දරුවෝ කියන සංවිධානය ගැන අහල නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් අපිව දැනුවත් කරන්නකෝ (නදී)

:       0       0

චම්පික Thursday, 05 June 2014 12:39 PM

සාමය සහ දරුවෝ ! ඇත්තටම දකුණු පළාතේ සාමයක් තියනවාද කියලා මම මේ කල්පනා කරන්නේ. (නදී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 14 June 2014 11:22 AM

රාහුලේ කොල්ලෝ එහෙම තමයි ජයවේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1465 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site