(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව ප්‍රදේශයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පිලි 9 ඇණ එකසිය හැත්තෑවක් ගැල වූ සැකකරුවකු සහ එය මිලදී ගත් සැකකරු යන දෙදෙනාම අද (6) අඩංගුවට ගත් බව මොරටුවේ එගොඩ උයන පොලිසිය පවසයි.
සැකකරු පීල්ලක ඇණ ගලවමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අදාළ සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් බව පොලිසිය පවසයි.
ඇණ ගලවන්නා සොයා අවස්ථා ගණනාවකදී පොලිසිය විසින් ප්‍රදේශයේ සෝදිසි කළද ඇති අතර එවැනි අවස්ථාවකදී යකඩ බඩු මිලදී ගන්නාට දුම්රිය මාර්ගයේ ඇණ රැගෙන ආවොත් මිලදී ගැනීමෙන් වැළකී සිටින ලෙස පොලිසියෙන් අවවාද කර තිබියණු බව පොලිසිය පැවසීය.
හොරබඩු මිලදී නොගන්න යැයි දැණුවත් කර තිබියදී ඔහු විසින් ඉතා රහසිගතව ඇණ මිලදීගෙන තිබූ බව පොලිසිය පවසයි.
ඒ අනුව බඩු විකුණූ සැකකරු සහ මිලදී ගත් අදාළ යකඩ බඩු කඩයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන මොරටු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රේල් පීලී ඇණ ගැලවූ අයෙක් සහ ඒවා මිලදීගත් පුද්ගලයා අත්අඩංගුවට