IMG-LOGO

රිය අනතුරින් කොස්තාපල් මරුට

(නයනජිව බන්ඩාර)
බුත්තල වැල්ලවාය මාර්ගයේ පැල්වත්ත හංදිය ප්‍රදේශයේදි මොණරාගල මැතිවරණ කාර්යාලයට අයත් කැබ් රථයක් අද (25) මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක ගැටිමෙන් යතුරු පැදියේ ගමන්ගත් රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් පසු මියගොස් ඇත.

මෙම අනතුරින් සිවිල් ආරක්ෂක නිළධාරියකුද බරපතල තුවාල ලබා රෝහල්ගතකර  තිබේ.

අනතුර සිදුකර පලාගිය කැබිරථයේ රියදුරුද සැඟව සිටියදි  අනතුර සිදුකළ කැබිරථය සමඟ අත්අඩංගුවට ගත්බවයි.එම කැබිරථයේ රියදුරු අනතුර සිදුවන මොහොතේ බිමත්ව සිට ඇති බවත් අනතුරින් පසු කැබිරථයේ සිටි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති බවත් පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ මොණරාගල හුලංදාව අක්කර 25 ප්‍රදේශයේ පදිංචි 67954 මහේෂ් සුරංග(33) නැමති පොලිස් කොස්තාපල්වරයකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක නිළධාරියා බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ බිටිටු රාජකාරියේ යෙදි සිට පැල්වත්ත සමුපකාරයේ  තබා ඇති ආරක්ෂක සේවා පොත අත්සන් කිරිම සදහා බුත්තල දෙසට යමින් සිටියදි වැල්ලවාය දෙසින් පැමිණි මොණරාගල මැතිවරණ කාර්යාලයට අයත් wppc 4470 දරන කැබිරථයේ ගැටිමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් පසුව කැබිරථය පලාගොස් ඇතිබව පොලිසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරැපැදියේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක නිළධාරියා බුත්තල දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල මහරෝහල වෙත මාරැකර යවා තිබේ. පසුව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිළධාරියා අද (25) උදේ රෝහලේදි මියගොස් ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කැබිරථයේ රියදුරු පොලිසිය විසින් අතුඅඩංගුවට ගෙන තිබේ.

ඔහු මොණරාගල හුලංදාව හංදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වි ඇත.

අනතුර සිදුවන මොහෝතේ කැබිරථයේ සිටි,දැනට සැගව සිටින සැකකරුද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් කැබිරථයේ රියදුරැ ඊයේ(25) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
මොණරාගල කොටිඨාශය භාර පොලිස්අධිකාරි  සාමන්ත විජේසේකර සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඹිවිටිගම යන මහතුන්ගේ උපදේස් හා නියෝග මත බුත්තල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක ඒ.එමි අමරානන්ද මහතා වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.



අදහස් (0)

රිය අනතුරින් කොස්තාපල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site