IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


රිය අනතුරින් එකම පවුලේ 4ක් රෝහලට

(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

මඩොල්සිම  පස්සර මාර්ගයේ අමුනුදෝව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රි මළගෙදරකට ගොස් එමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් එකම පවුලේ මව පුතා මුනුබුරකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි .

මෙම අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ හයදෙනෙකු ගමන් කර ඇති අතර , අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්.අවුරුදු 40, 48 වයසේ පසුවෙන පුද්ගලයන්  දෙදෙනකු තුවාල නොලබා බේරි ඇතැයි පොලිසිය කීය .

බදුල්ල වේවැස්සවත්තේ පදිංචි එකම පවුලක 80 හැවිරිදි කාන්තාවක ,ඇයගේ 43 හැවිරිදි පුතෙකු , අවුරුදු 5,1/2ක් වයස සිගිති දරුවෙකු ,සහ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථය පදවාගෙන ගිය 37 හැවිරිදි පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය පැවසීය .

එකම පවුලක පිරිසක් වන මොවුන් මඩොල්සිම වැරල්ලපතනවත්තේ නෑදෑයකුගේ මළගෙදරකට ගොස් ආපසු බදුල්ල වේවස්සවත්ත සිය නිවෙසකරා ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇති බවත් පොලිසිය සදහන් කළේය .

අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි වී ඇත.

තුවාලකරුවන් ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශයකු පැවසීය .

 

 



අදහස් (0)

රිය අනතුරින් එකම පවුලේ 4ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32967 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15603 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 123 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 499 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site