
(හේමලතා ඩී හේවගේ)
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංගක්කුලිය මන්සන්දියට ආසන්නයේදී අද (13) රාත්‍රී 7.30 ට පමණ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එම යතුරුපැදි වල ගමන් කළ තිදෙනෙකු බරපතල තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇතිබව දංකොටුව පොලීසිය කියයි.
මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ යෝගියාන දික්වෙල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි එල්.කේ. සැම්සන් ජයන්ත නැමති පස්දරු පියෙකු වන අතර ඔහු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අයෙකු බවද සඳහන්වේ.
මියගිය අය ගමන් කළ යතුරුපැදිය පන්නල දෙස සිට දංකොටුව දෙසට ගමන් කර ඇති අතර එම දෙසින්ම අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියේ ගැටී ඇති බවත් අනතුරුව එම යතුරුපැදි දෙක දංකොටුව සිට පන්නල දෙසට ගමන්කල ටිපර් රථයක ගැටී නතරවී ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
අනතුර සිදුකළ යතුරුපැදියේ පැමිණි දෙදෙනාද තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාරවිල මූලික රෝහලවෙත මාරුකර යවා ඇති බවත් ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
මෙම අනතුර සම්බන්ධයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරාච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් මාධ්‍යවේදියෙක් මියයයි