IMG-LOGO

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

 (ක.ග.කරුණාරත්න)


බකමූණ ලග්ගල ප්‍රධාන මාර්ගයේ යාය 06 ප්‍රදේශයේදී පයින් ගමන් කරමින් සිටි අයෙකු ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද(13) මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය  කියයි.


 එම අනතුරින් මිය ගොස් ඇත්තේ ඇලහැර ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කල බකමූණ,යාය06 පදිංචිව සිටි අමරසේකර මුදියන්සේලාගේ රත්නායක නැමැති 56 හැවිරිදි අයෙකි.


අවිවාහක පුද්ගලයෙකුවූ ඔහු සිය වයෝවෘද්ධ මවද රැක බලා ගනිමින් ජීවිකාව කරගෙන ගොස් තිබෙන බව අනාවරණය විය.


හෙතෙම සිය දවසේ මෙහෙවර නිමවා ආපසු සිය නිවෙස බලා යමින් සිටියදී මෙලෙස යතුරු පැදියේ ගැටී බරපතල තුවාල ලබා බකමූණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට මාරුකර යවා සිටියදී එහිදී මිය ගොස් ඇතිබව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.


අනතුරට ලක්වූ යතුරු පැදියේ පැදිකරුද මෙම අනතුරින්  තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කලේය.


අනතුරින් මිය ගිය අයගේ මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(13)දිනයේ පොලොන්නරුව මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇතැයිද පොලීසිය කීය.
 බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 154 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 450 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site