(අශෝක තිලකරත්න සහ රුක්මන් රත්නායක)
තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගයේ ජූල්පල්ලම දී වෑන් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් අවුරුදු දොළහක දැරියක් මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කලුතර නාගොඩ හීනටිහැන්දල පදිංචි සඳලි ආකර්ෂා නැමති දැරියයි.
ඇය ඇතුළු පිරිසක් කතරගම වන්දනාවේ යමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කීය.
මරණ පරීක්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරීක්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් අද(30) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
තිස්සමහාරාම පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - රුක්මන් රත්නායක
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රිය අනතුරකින් දැරියක් මරුට - 11කට තුවාල