IMG-LOGO

රිය අනතුරකින් අයෙක් මරුට

(නිහාල් ජයවීර )

පාදෙණිය -  අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ , උඩන්ගාව ප්‍රදේශයේ දී අද(21) සිදු වු රිය අනතුරකින් තිස් හතර හැවිරිදි විවාකයකු මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය කියයි .

කුලියාපිටිය , වැවගම , වැව්ගම්වත්ත පදිංචිව සිටි එම් .එම් .චානක උදයසිරි මාපා නමැති අය මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .ඔහු දෙ දරු පියෙකි.

මේ එක් දරු පියා බියගම ආයෝජන කලාපයේ ඇඟලුම් කම්හලක සේවය කළ අයෙකු බවත් , ඔහු අනුරාධපුරය  ,තලාව ප්‍රදේශයෙන් විවාහ වී සිටින අයෙකු බවත් පොලිසිය කියයි .දරුවන්  හා බිරිඳ මේ දිනවල  බිරියගේ තලාව මහගෙදර සිටින නිසා ඹහු ද සතියේ සිකුරාදා හවස එහි පැමිණෙන බව පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .නැවත ඹහු සඳුදා අලුයම සේවා ස්ථානය බලා පිටත්ව යන බවත් අනාවරණය වු බව පොලිසිය කියයි .

තලාව ප්‍රදේශයේ සිට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී උඩන්ගාව ප්‍රදේශයේ දී මාර්ගය හරහා පැන්න සුනඛයෙකුගේ යතුරු පැදිය ගැටි ඔහු බිම වැටි ඇති බවත් , ඒත් සමගම විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ඔහු ගැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි .

 

 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 439 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 613 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site