(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ දී අද (27) පෙරවරුවේ යතුරුපැදියක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් පැදිකරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පදිංචි සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන ගුවන් හමුදා සෙබළ වීරසිංහ දේවගේ තාරක ප්‍රදීප් ඤාණතිලක (31 ) හැවිරිදි අයෙකු බව හඳුනාගෙන තිබේ.
ගලේවෙල දෙසින් යතුරුපැදිය ධාවනය වී ඇති අතර කැබ් රථය දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.
සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදිකරු ඉතා අධික වේගයෙන් දඹුල්ල දෙසට තවත් ටිපර් රථ දෙකක් ඉස්සර කරමින් ධාවනය වෙමින් තිබියදී ඉදිරිපසින් පැමිණි කැබ් රථය ඉදිරිපස ගැටී ඇති බවය.
එම ගැටීමත් සමඟ තුරුපැදිය ගිනි ගන්නට පටන් ගෙන තිබූ බව පොලීසිය කියයි. ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ අවට තිබුණු ජලය සහ වැලි පුරවා ගින්න මැඩ පවත්වා බවත් තුවාලකරු දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බවත් ඒ යන අතරතුර දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.


2025 නොවැම්බර් මස 04
841
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරකින් අයෙක් මරුට
Perera Thursday, 27 February 2020 05:51 AM
ගුවන් හමුදාවේ නේ, යතුරුපැදිය ගුවන් යානයක් කියලා හිතලා වැරදිලා පියාසර කරන්ඩ යන්ඩ ඇති.